විද්‍යාපීඨ කථිකාචාර්යවරු විරෝධතා ව්‍යාපාරයක

Strike Sri Lanka Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jun 23, 2025 12:54 AM GMT
Shehan

Shehan

Report

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (NIE) කථිකාචාර්යවරු, තම ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන්, ලබන ජුනි 26 සහ 27 යන දිනවල අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්.පී. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තම සංගමයට අමතරව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 223 | ඔබේ ලග්නය කියන දේ මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 223 | ඔබේ ලග්නය කියන දේ මෙන්න

අධ්‍යාපනඥ සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර නොගැනීම, නිර්බාධ උසස්වීම් ක්‍රියාවලියට අධ්‍යාපනඥ සේවය ඇතුළත් නොකිරීම, වැටුප් විෂමතා විසඳන තෙක් අන්තර්කාලීන දීමනාවක් ලබා නොදීම, යෝජිත ජාතික ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත් කෙටුම්පතට අදාළ ඉදිරි පියවර නොගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

ලේකම් බණ්ඩාර මහතා අවධාරණය කළේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

“කවදාවත් නොදුටු රාත්‍රියක්” එළඹෙයි - ඉරානය දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වෙයි

“කවදාවත් නොදුටු රාත්‍රියක්” එළඹෙයි - ඉරානය දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වෙයි

ඉන්පසුවත් ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත්, අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු පැවසීය. අධ්‍යාපනඥ සේවයේ ගැටලු විසඳීම සඳහා බලධාරීන්ගෙන් වහා පියවර ගන්නා ලෙස කථිකාචාර්ය සංගම් ඉල්ලා සිටිති.

මෙම තත්ත්වය ජාතික අධ්‍යාපන පද්ධතියට බලපෑම් එල්ල කළ හැකි බැවින්, ඉදිරි දිනවල බලධාරීන්ගේ ප්‍රතිචාරය තීරණාත්මක වනු ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි - ඉන්ධන මිල ඉහළ යාමේ දැඩි අවදානමක්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි - ඉන්ධන මිල ඉහළ යාමේ දැඩි අවදානමක්

ReeCha