මෙරට පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ දෙන්න යන දේ මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Mar 08, 2023 11:45 PM GMT
Aruna

Aruna

Report

මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත.

චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය 08 දින භාර දෙන ලදි.

ඒ අනුව මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරී‍මේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පවසයි.

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් ප්‍රදානය කෙරේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.