ආර්ථික මධ්‍යස්ථාන එළවළු බෙදාහැරීම නතර කරයි - දිනය මෙන්න..
By Sewvandhi
දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට අනිද්දා දිනයේදී එළවළු තොග බෙදාහැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.
එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
රජයට එරෙහිව අනිද්දා රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුලු පිරිස සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපොල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |