මේ දිනවල දී ඌරු මස් ආහාරයට ගන්නේ බලාගෙනයි..බොහෝ ප්‍රදේශවල සතුන්ට වෙලා තියෙන දේ..
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මේ දිනවල ඌරු මස් ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
යම් ආසාදන තත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසක ඌරන් මියගොස් ඇතිබවට වාර්තා වීම ඊට හේතුවී තිබේ.
මෙලෙස පැතිර යන ආසාදන තත්වය මෙතෙක් හඳුනා ගෙන නොමැත. ඒ හේතුවෙන් පශු වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
එම උපදෙස් ලැබුණු පසු ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.