ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)

Sri Lanka Bomb Blast Anura Kumara Dissanayaka Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 06, 2024 10:24 AM GMT
krishani

krishani

Report

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ය.

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් විය.

එමෙන්ම, ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

දෙයියනේ.. දුක ද?.. සතුට ද?.ඒ.. මාරක අනතුරකින් මිය ගිය පුතාගේ සා.පෙළ ප්‍රතිඵලය දැක.. පියාගේ ළය පැලී මිය ගිහින්..

දෙයියනේ.. දුක ද?.. සතුට ද?.ඒ.. මාරක අනතුරකින් මිය ගිය පුතාගේ සා.පෙළ ප්‍රතිඵලය දැක.. පියාගේ ළය පැලී මිය ගිහින්..


මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාව ද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)


මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘත භාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම සම්පූර්ණ නනිවේදනය පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery