දෙයියනේ.. දුක ද?.. සතුට ද?.ඒ.. මාරක අනතුරකින් මිය ගිය පුතාගේ සා.පෙළ ප්‍රතිඵලය දැක.. පියාගේ ළය පැලී මිය ගිහින්..

Report

හෘදයාබාධයක් වැළඳී අවාසනාවන්ත ලෙස මිය ගිය පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු මීගමුවේන් වාර්තා වේ.

මෙලෙස ඔහු මියගොස් ඇත්තේ තම පුතාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව දැනගත් වේලාවේ සිය පුතා ජීවතුන් අතර නොසිටීම ගැන ඇති වූ වේදනාව හේතුවෙන් ය.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


එම අදාළ සිසුවා මීගමුවේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇත.

ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියා දින දෙකකට පසු මාරක රිය අනතුරකට ලක්වී මිය ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පසුගිය 28 වැනිදා නිකුත් වූ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ඔහු විභාගය සමත් වී තිබෙනවා.

මියගිය සිසුවාගේ ප්‍රතිඵල දැන ගැනීමත් සමග කම්පනයට පත් වූ පියාට හදිසියේ හෘදයාබාධයක් වැළඳී මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.


එහිදී ඔහු මියගොස් ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ය.

මියගිය සිසුවාගේ පියා 53 හැවිරිදි වියේ පසුවන අතර ඔහු තිදරු පියෙක් ය.

මෙම සිසුවා කටාන, ඉද්දගොඩැල්ල මාර්ගයේ පසුගිය මැයි මස 18 වැනිදා රාත්‍රී කාලයේ පාපැදියකින් ඥාතියකුගේ අවමංගල්‍යය නිවසක් වෙත ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මෙම සිසුවාගේ ප්‍රතිඵල ඉකුත් 28 වැනිදා නිකුත් වීමෙන් පසු මව සහ පියා යන දෙදෙනාම සිය පුතා විශිෂ්ට ලෙස විභාගය සමත් වී සිටියත් ඔහු ජීවතුන් අතර නොමැති වීම නිසා ඒ ගැන මහත් සේ වේදනාවෙන් පසු වී ඇති බව සඳහන් වේ.