පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දයාසිරි ගෙන් ආන්දෝලානාත්මක හෙළිදරව්වක්
හැමදේම හරි යැයි සිතා අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (24) කුරුණෑගල බතික් අත්යන්ත්‍ර ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. "ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කියන ඒවා එතරම් ගණන් ගතයුතු නැහැ. ඒ අය එක්ක එකතු වෙලා නෙමෙයි මේ ආණ්ඩුව හැදුවේ.
අහක ඉන්න අය කෑගැහුවා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. හැමදේම හරි කියන අන්ධානුකරණයෙන් වැඩ කරන්න අපි සූදානම් නැහැ. අන්ධානුකරණයෙන් ආණ්ඩුව රකින අයත් ඉන්නවා ආණ්ඩුව තුළ." "පාස්කු සිද්ධිය පැහැදිලිවම වෙන වෙන පැතිවලට දැන් කැරකිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන ඕන පුද්ගලයෝ ඇතුළට දාන්න බැහැ.
මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මේකට වගකිව යුතුයි කියනවා නම් ඒකට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි කමිෂන් සභාවේ. එහෙම සාක්ෂි නැහැ. මම පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මේ සිද්ධිය දැනුවත් වුණා කියලා සාක්ෂි නැහැ. මේ කොමිෂන් සභාවේ අය මවුලවිලා එක්ක සාකච්ඡා කරලා එකට බුරියානි කෑව අය. ඒකෙ තීන්දු ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.
මේකේ ඇත්ත මොළකාරයෝ අනිවාර්යයෙන් රට දැනගත යුතුයි."
"යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සාකච්ඡාව දුන්නෑ කියලා කලකිරීමක් නැහැ. ජනාධිපතිතුමා ලියුම ප්‍රතික්ෂේප කිරීමක් කළේ නැහැ. ඒකට අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් කරන්න කියලා ලිපියක් යවන තිබ්බා."