සුනාමි අවධානමක්..? තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්..!!
tsunami
land slide
Thaivan
Earthquick
By Sewvandhi
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවය.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
2018 වසරේදී එරට රික්ටර් මාපකයේ ඒකක 6.4 ප්‍රබලත්වයෙන් යුතුව හටගත් භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |