පවතින උණුසුම් කාලගුණ තත්වය ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Report

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඇති අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

  තවද මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

  එම දෙපාර්තමේන්තුව දැනුම් දැනුම් දී තිබෙනුයේ පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

තවද ඊයේ (5) දිනයේ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ .

එහි අගය මි.මී 13.8කි එමෙන්ම අද පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ උපරිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී ඇත.

එහි අගය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වී ඇත තවද දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

  ඒ සෙල්සියස් අංශක 8.1ක් ලෙසයි   .

පළාත් රැසකට අද සවස සහ රාත්‍රී කාලවලදී වෙන්නේ මේකයි - නිවේදනයක්

පළාත් රැසකට අද සවස සහ රාත්‍රී කාලවලදී වෙන්නේ මේකයි - නිවේදනයක්