ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූකම්පනයක්.. පැය 24ක් තුළ ප්‍රබල කම්පන 05ක්..

Tsunami Indonesia Earthquake Weather
By Aruna Dec 31, 2023 12:29 AM GMT
Aruna

Aruna

Report

ඉන්දුනීසියාවේ නැගෙනහිර දෙසින් පිහිටි පැපුවා ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති නමුත් බරපතල හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

පැපුවා පළාතේ අගනුවර වන ජයපුර උප දිස්ත්‍රික්කයක් වන අබේපුර සිට කිලෝමීටර් 162 ක් ඊසාන දෙසින් රික්ටර් පරිමාණයේ 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව කේන්ද්‍රගතව ඇති බවයි, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූකම්පනයක්.. පැය 24ක් තුළ ප්‍රබල කම්පන 05ක්.. | Earthquake Indonesia

6එය කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික ඒජන්සිය ප්‍රකාශ කළේ, සුනාමි අවදානමක් නොමැති නමුත් භූමිකම්පාව රට අභ්‍යන්තරයේ කේන්ද්‍රගතව ඇති බැවින් පසු කම්පන ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.

කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බවයි භූවිද්‍යා කාර්ංශය පැවසුවේ.

ReeCha