රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..

United Kingdom Earthquake
By Aruna May 19, 2023 04:15 AM GMT
Aruna

Aruna

Report

දකුණු පැසිෆික් සාගරයේ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළා.

ඒ අනුව එම කලාපීය සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එක්සත් ජනපදයේ ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර ඇති වූ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 (සැතපුම් 621) ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

භූමිකම්පාව කිලෝමීටර් 38 (සැතපුම් 23) ගැඹුරකින් යුක්ත වූ බව USGS පවසයි.

නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, භූමිකම්පාව "නවසීලන්තයට කිසියම් සුනාමි තර්ජනයක් ඇති කරයිද" යන්න තක්සේරු කරමින් සිටින බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now