මෙරට ආර්ථිකයට දැවැන්ත පහරක් - ජපානය ඉල්ලූ දේ කොටස් වෙළඳපොලේ දැවැන්තයා සිදුකරයි..
කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, තීරණය කර තිබේ.
අද (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළඹ ඇත.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී.
වෙළෙපොළ ප්‍රාග්ධනීකරණයට අනුව අද වන විට කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් 12 පහත පරිදි වේ.
