විශේෂ පුද්ගලයෙකුට අදිකරණයෙන් ඇප
By Sithumi
අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇප මත මුදාහැර තිබේ.
අද ඔහු කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
2021.11.09 වන දින අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් අධිකරණ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.