මහින්දගේ තැන පුරවන්න එන කෙනාට විරුද්ධ වේ! - සංවිධාන රැසකින් ජනපතිට ඒකාබද්ධ ලිපියක්

Report

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධුරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන ලෙස ඉල්ලමින්, එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු විවිධ සංවිධාන එක්ව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඒකාබද්ධ ලිපියක් යවා තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේදී එහි වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ‘අර්නස්ට් ඇන්ඩ් යංග්’ විගණන සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකාර හවුල්කරු ලෙස දුමින්ද හුලංගමුව කටයුතු කරන අතර, ජනාධිපති උපදේශක ධුරය ද හොබවන ඔහුට රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි වීමෙන් බරපතළ ගැටලුවක් ඇති වන බව මෙම සංවිධාන පෙන්වා දෙනවා.

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

මේ අතර, දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පළ වන අතර, එසේ වුවහොත් රාජ්‍ය අධීක්ෂණය පෞද්ගලික අංශයට වඩා අනිසි වාසි ලබා දෙන තවත් ගැටුමක් ඇති විය හැකි බව ඔවුන් අවධාරණය කරනවා.

විගණකාධිපති වාර්තාවලට අනුව, 2022දී රුපියල් බිලියන 904ක් වූ පෞද්ගලික අංශයේ හිඟ බදු 2023දී රුපියල් බිලියන 1,066 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුරාබදු සහ දුම්කොළ බදු හිඟය රුපියල් බිලියන 5.56 සිට 7.27 දක්වා වැඩි වී තිබෙනවා. 2023 වාර්ෂික වාර්තාවට අනුව, 2023 දෙසැම්බර් 31 වන විට වැට් බදු හිඟය සහ දඩ මුදල් රුපියල් බිලියන 455ක් වන අතර, අඩු ආදායම්ලාභීන්ට වියදම් බරපතළ වන තත්ත්වයකදී පෞද්ගලික අංශය විසින් වැට් බදු නීතිවිරෝධී ලෙස රඳවා ගැනීමක් සිදු වන බව එම ලිපියේ චෝදනා කෙරෙනවා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව - කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට!

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව - කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට!

එහෙත්, දුමින්ද හුලංගමුව සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ පෞද්ගලික අංශයේ වංචාකාරී කටයුතු වෙනුවෙන් පෙනී සිටින බවත් එම ලිපියේ සඳහන්.

මෙම ලිපියට එක්සත් කම්කරු සම්මේලනය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, වතු සංවර්ධන සමාජ ආයතනය, ශ්‍රමාභිමාන කේන්ද්‍රය, ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා, වතු ජනතා හඬ, අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව, මානව තත්ත්ව උසස් කිරීමේ සංවිධානය, ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය ඇතුළු බොහෝ සංවිධාන අත්සන් තබා තිබෙනවා.

බිරිඳ ඝාතනය කර කොටස් දහයකට කපා ගමන් මල්ලක සඟවා සැමියා පළා ගිහින්!

බිරිඳ ඝාතනය කර කොටස් දහයකට කපා ගමන් මල්ලක සඟවා සැමියා පළා ගිහින්!