තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව - කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට!

Report

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වන බව ඊයේ(28) දින දැනුම් දුන්නා.

මෙලෙස ඉවත් වූ විනිසුරුවරුන් වන්නේ දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ය.

2008 දී කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව, එවකට නාවික හමුදාපතිව සිටි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවත් කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට එරෙහිව, අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම අද දිනයේදී දිලිප් නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී, පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරුන් ප්‍රකාශ කළා. ඒ අනුව, කරුණු සත්‍යාපනය සඳහා පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සැප්තැම්බර් 15 වන දින කැඳවීමට නියම කර තිබෙනවා.