විශ්‍රාම පොලිස් නිළධාරියාගෙ දියණිය පැහැරගනියි.. බිහිසුණු සිදුවීමේ විස්තරය මෙන්න
බණ්ඩාරගම, අලුත්ගම ප්‍රදේශයේ විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ නිවසට කඩු, පොලු රැගෙන පැමිණි සංවිධානාත්මක කල්ලියක් විසින් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස් තිබේ.
පෙරේදා (09) රාත්‍රීයේ අදාළ සිද්ධිය සිදුව ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි. එලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ, කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන 25 හැවිරිදි තරුණියකි. පෙරේදා රාත්‍රී 10.00ට පමණ වෑන් රථයකින් කඩු පොලු අතැතිව පැමිණි හය දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ දොර ජනේලවලට තියුණු ආයුධවලින් පහර දී තිබේ.
පසුව නිවසේ දොර කඩා ඇතුළු වී විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයාට සහ නිවසේ බඩු බාහිරාදියට පහර දී ඇත. එමෙන්ම තියුණු ආයුධ පහරට ලක්ව තුවාල ලද විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයා බණ්ඩාරගම දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එලෙස පහරකෑමට ලක්වූ සැකකරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඇය පැහැරගැනීම සඳහා පැමිණි එක් පුද්ගලයකු නිවැසියන් විසින් අල්ලාගෙන පහර දීමෙන් අනතුරුව පොලීසියට භාර දී තිබේ.
පිරිසක් නිවස තුළට කඩා වැදී කලබල කරන බවට කන වැකුණු විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයාගේ පුත‍්‍රයකු වහා එම ස්ථානයට කඩා පැන එක් පුද්ගලයකුට පහර දී කාමරයකට දමා දොර වසා ගෙන තිබූ අතර සෙසු පුද්ගලයන් පොලිස් සැරයන්වරයාගේ දියණිය රැගෙන වෑන් රථයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සැලවීමත් සමග මෙම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට අල්ලාගෙන සිටි පුද්ගලයා භාරදී ඇති අතර ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී පැමිණි පිරිස පිළියන්දල මඩපාත හා බටුවන්දර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි
. පිරිස සිදුකළ පහර දීමෙන් වූ තුවාල හේතුවෙන් නිවසේ තැන තැන ලේ පැල්ලම් රැසක් දක්නට ලැබුණු බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. පැහැරගත් බව කියන තරුණියගෙන් සිද්ධිය වී පැයකට ආසන්න කාලයකදී ඇයගේ මවට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර මෙම සිද්ධියට පොලිසි නොයන ලෙස තම දියණිය කියූ බව ඇය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබිණි.
පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණිය විවාහ කර ගැනීම සඳහා පුද්ගලයකු නිවසට පැමිණෙන බවට ද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසයි. එම කණ්ඩායම සමග පැහැර ගැනීමට පැමිණි පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ශල්‍යකර්මයට ලක් කිරීමට නියමිත බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. තරුණිය පැහැර ගැනීමට පැමිණි සන්නද්ධ කල්ලියේ පුද්ගලයන් අතර පෞද්ගලික බස් රථ රියැදුරකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද, එම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |