තරුණියක් පොලිස් නිළධාරිනියකගේ ලැම සපා කාලා - අවසානයේ හිතුවෙවත් නැති දෙයක් වෙලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 21, 2023 01:59 PM GMT
krishani

krishani

Report

තරුණියක් විසින් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් නිලධාරිනියකගේ ඇගිල්ලක් සපා කෑ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.

එලෙස සපා කෑමට ලක් වූ පොලිස් නිලධාරිනියන් දෙදෙනාම රෝහල්ගත කළ බවට තොරතුරු වාර්තා වේ.

ඊයේ (20) රාත්‍රියේ දී බීමතින් රිය පැද වූ තරුණයින් දෙදෙනෙකු සැක පිට පොලීසියට රැගෙන විත් තිබෙනවා.

එම තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ පෙම්වතියක් මෙලෙස පොලිස් නිලධාරිනියන් දෙදෙනා සපා කෑ ඇති බවට සඳහන් වන්නේ.

එලෙස සපා කෑ තරුණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස සපා කෑමෙන් එක් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් හා අනෙක් නිලධාරිණියගේ ලැම පදේශය තුවාල වී ඇත.

කෙසේ වෙතත්, මේ වන විට තුවාල ලැබූ පොලිස් කන්තාවන් දෙදෙනාම බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

ReeCha