ගම්පහ අස්ගිරිය වෙඩි තැබීමට හේතුව ගැන තවත් තොරතුරු එළියට

Report

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ (12) රාත්‍රියේදී සිදුකළ වෙඩි තැබීමට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලත් තොරතුරකට අනුව වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණය වීමෙන් පසු වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමක්

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමක්

සැක සහිත වෑන් රථය ගම්පහ උඩුගම්පොල දෙසට ධාවනය වන බව තහවුරු කරගත් පොලිස් නිලධාරීන් ජීප් රථයකින් එය ලුහුබැඳ ගොස් තිබේ.

උඩුගම්පොල මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේදී වෑන් රථය නවත්වා තිබූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් එය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත. එහිදී වෑන් රථ රියදුරු මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් සහ පොලිස් ජීප් රථය ද අනතුරට පත් කරමින් පලා යාමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය වෑන් රථයට වෙඩි තබා තිබේ.

මේ රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජනයක - හෙට තීරණාත්මක දවසක්

මේ රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජනයක - හෙට තීරණාත්මක දවසක්

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකාර රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇත. පසුව සිදු කළ සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය සහ ගම්පහ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන පවත්වයි.