මත්තල ගුවන්තොටුපළේ මුවන්ට වෙඩි තබා මස් කළ ගුවන් හමුදා නිලධාරියෙකු ඇතුළු 7ක් අත්අඩංගුවට

Report

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි කළ බවට චෝදනා මත මත්තල ගුවන් හමුදා කඳවුරේ නිලධාරියකු ඇතුළු සෙබළුන් පස්දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී වෙඩි තබා ඝාතනය කරන ලද මුවෙකුගේ මස් සහ හිස්කබලක් සොයාගෙන ඇති අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය, පිහියක්, දඩමස් ප්‍රවාහනය කළ ගුවන් හමුදා ජීප් රථය සහ අදාළ නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජනයක - හෙට තීරණාත්මක දවසක්

මේ රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජනයක - හෙට තීරණාත්මක දවසක්

මත්තල ගුවන්තොටුපළ භූමියේදී මුවන්ට වෙඩි තබා ඝාතනය කර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ ඇති නාන කාමරයකට ගෙනවිත් මස් පිණිස සකසා ගුවන්තොටුපළ පරිශ්‍රයේ විදුලි වැටෙන් පිටත රැඳී සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්