කොළඹ - මහනුවර පාරේ පහළ කඩුගන්නාව නායයෑමේ අධි අවදානම් කලාපයක් ලෙස නම් කෙරෙයි
By Kanchana
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කිලෝමීටර් 96 සිට 99 දක්වා ප්‍රදේශය නායයෑම් අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කරන ලද නායයෑම් ආපදා කලාප සිතියම් හා ප්‍රදේශයේ පෙර සිදුවූ නායයෑම් සහ දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ නායයෑම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ය.
එම ප්‍රදේශ ආවරණය වන පරිදි නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 101.3කි.
ඒ අතරට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ විදේශ ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 80ක් සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 21.3ක් ඇතුළත් වේ .
මෙම ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට නියමිතව ඇත.