පරිස්සමෙන්.. පාසල් ළමුන් පරිස්සම් කර ගන්න.. පාසල් ළමුන් ඉලක්ක කර සිදු වූ මත් කරල් ජාවාරම..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Drugs
By Sithumi
කළුතර ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කරන පුද්ගලයකු මත්කරල් දහසක් සමග අද අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචි 41 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසනවා.
උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාට ලද තොරතුරක් මත කළුතර පලාතොට ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කර මත්කරල් 10 බැගින් අඩංගු කාඩ් 100 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද භාරයට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ පාසල් වලින් සහ දෙමව්පියන් ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන වැටලීම කල බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසූ අතර එක කරලක් රුපියල් 150 කට අලෙවි කරන බවට සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව ඇත.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණා.
