ඖෂධ සම්බන්ධයෙන් භයානක ආරංචියක්.. රෝගීන් දැඩි අනතුරක.
By Aruna
පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.
ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිසිය මගින් ඉල්ලීමක් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |