පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිලත් නියාමනයට සැරසේ

Ministry of Health Sri Lanka Medicines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 25, 2025 04:04 AM GMT
Hashini

Hashini

Report

පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිල නියාමනයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වන බව වාර්තා වනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පසුගියදා වෛද්‍ය සැපයීම් දේශීයව මිලදී ගැනිම් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති නිසා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවයි.

ඇමැතිවරයා පැවසුවේ මෙය සිදු කිරීමෙන් පසුව ප්‍රාදේශීය මිලදී ගැනීමේ ක්‍රියාවලියට ද පහසුවක් වන බවය.

බෝරා සමුළුව අද කොළඹදී

බෝරා සමුළුව අද කොළඹදී

මේ සම්බන්ධව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයෙන් විමසීමේදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඖෂධ මිල පාලනය කිරීම සඳහා මිල සුත්‍රයක් සකස් කිරීමට අප්‍රෙල් 21 වැනිදා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සමග කළ සාකච්ජාවකදි තීන්දු රැසක් ගත් බවයි.

එහිදි ඖෂධ හිමියන් කළ යෝජනාවට අනුව ඖෂධ ආනයනය කිරීමෙන් පසු උපරිම සිල්ලර මිල සියයට හැත්තෑපහක (75%) මුදලකට පවත්වාගෙන යාමට ඖෂධ ආනයන සමාගම් එකඟත්වය පළ කර ඇත.

තොග වෙළෙඳුන්ට ලැබෙන ලාභය හා සිල්ලර වෙළෙන්දාට ලැබෙන ලාභය ද ඊට ඇතුළත්ය.

රුපියලේ සිට රුපියල් හතළිහ දක්වා වූ ඖෂධවල උපරිම සිල්ලර මිල සියයට හැත්තෑපහ (75%) මට්ටමේ පවත්වාගෙන යා හැකි බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදෙමින් පෙන්වා දුන්නේ.

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

තවද රුපියල් 40 සිට රුපියල් 2,000ක් දක්වා වූ මිල පරාසයේ ඖෂධ සඳහා සියයට හැටපහක (65%) මට්ටමක් ඉන් යෝජනා කර තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම තීන්දුවට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා (23 වැනිදා) යළි නඩුවක්ද පැවරූ බවත් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් දිවයින පුරා හාරදහසක් පමණ සිටින බවත්ය.

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

ReeCha