යාපනයට අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් - ජනපතිගෙන් පොරොන්දුවක්
ජනපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට පෙරවරුවේ එක් විය.
ඒ අනුව ධීවර වරාය සංවර්ධනය කිරීමේ සංකේතාත්මක ආරම්භය ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ඔහු උතුරේ ජනතාව වෙනුවෙන් සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කළේය.
උතුර, දකුණ ,නැගෙනහිර ලෙස බෙදීමකින් තොරව රට තුළ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවක් ලෙස තමා විශාල වෙහෙසක් දරන බව සඳහන් කෙරූ ජනපති තවත් සුවිශේෂී කරුණක් සම්බන්ධයෙන් අදහස් පළ කළේය.ඒ අනුව,
"ඒ අනුව අද දිනයේ අපි බලාපොරොත්තු වෙනවා යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ආරම්භ කරන්න. අද ඒ සඳහා මුල්ගල තියන්න අපි සැලසුම් කරලා තියෙනවා."
යනුවෙන් දෙමළ සිංහල මුස්ලිම් අපි සියලු දෙනා එකට ජීවත් වීම සිදු කළ යුතු බව ජනපති වැඩිදුරටත් සඳහන් කළේය.