අමාත්‍ය ආනන්ද විජේපාලගේ ව්‍යාජ ජායාරූප සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ඇරඹේ

CID - Sri Lanka Police Crime Latest Headlines Ananda Wijepala Sinhala news
By Shehan Sep 01, 2025 08:36 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා පොලිසියේ මූලස්ථානය පවසන පරිදි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ජායාරූප ලෙස පෙනෙන ව්‍යාජ ජායාරූප සහ ඒ හා සම්බන්ධ අපහාසාත්මක හා ද්වේශසහගත ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

මෙම මෙහෙයුමට සහභාගි වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමටත්, මෙම මෙහෙයුමට දායක වූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් ඇගයීමටත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

එම අවස්ථාවට සම්බන්ධ ලෙස, අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ජායාරූප ව්‍යාජ ලෙස සකස් කර, අපහාසාත්මක හා ද්වේශසහගත අන්දමින් ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පොලිස් මූලස්ථානය විසින් නිරීක්ෂණය කර ඇත. මෙම ක්‍රියාවලිය මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් සිදු කර ඇති බව පෙනී යයි.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

මේ සම්බන්ධයෙන්, අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින්  ඊයේ (31) වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මෙලෙස ව්‍යාජ ජායාරූප සහ ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සහ ජායාරූප සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒවා සංසරණය කළ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. 

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

Gallery