ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

Report

ඉරාන-ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සිවිල් ජනතාවට පනවා තිබූ රැස්වීම් හා උත්සව තහනම ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ගුවන් තොටුපොළෙන් සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි.

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්

බොහෝ විට අද (25) සිට ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඉරානය හා ඊශ්‍රායලය එකඟ වී ඇත. ඊයේ (24) ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ හරහා කොළඹට පැමිණි බව තානාපති කාර්යාලය දැනුම් දුන්නේය.

ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යළි පැමිණීමට ගුවන් ටිකට් විස්තර අදාළ විදේශ රැකියා ආයතනවලින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලයි.

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

මගීන් බහුලව පැමිණීමට බලාපොරොත්තු වන බැවින් ටිකට් ලබා ගැනීමේදී තදබදයක් ඇතිවිය හැකි බවද සඳහන්ය. ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටී.

මේ අතර, ඉරාන මිසයිල ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඇමරිකාව සමග සාකච්ඡා කරපු එකම රට ලංකාව - මාලිමා මන්ත්‍රී

ඇමරිකාව සමග සාකච්ඡා කරපු එකම රට ලංකාව - මාලිමා මන්ත්‍රී

එහෙත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවකින් පසු තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ඔහු සඳහන් කළේය. ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය පිළිපදින්නේ නම් පමණක් ඒවාට අනුගත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත.