එළවලු මිල පහත වැටෙයි, කිලෝවක තොග මිල රුපියල් 50 ත් 70 ත් අතර
ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසයි.
ඒ අනුව ගොවීන් පෙන්වා දෙන්නේ ඇතැම් එළවලු වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 ත් 70 ත් අතර මිල සීමාවක් දක්වා පහත වැටී ඇති බවයි.
එසේම ආර්ථික මධ්‍යස්ථානවල දේශීය අර්තාපල් කිලෝවක මිලද තවදුරටත් පහළ මිලක පවතින බව සඳහන්.
කෙසේ වෙතත් ගොවීන් ආනයනික අර්තාපල් වෙනුවෙන් රජය මඟින් බද්දක් පැනවුවද එම අර්තාපල් තොග රටතුළ පැවතීම නිසා මෙසේ දේශීය අල ගොවීන් අසරණ වී ඇති බව ප්‍රකාශ කරයි.