"විජය කියන්නේ මොන ගෙම්බෙක්ද ඌ බැන්දෙත් ලංකාවෙන් මේකට නින්ද යන්නේ නෑ - සීලරතන හිමි
තලපති විජය ඉන්දියාවේ ඡන්ද අපේක්ෂකයකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඔහු මැතිවරණ වේදිකාවේදී සඳහන් කරනවා මැතිවරණය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත ඉන්දියාව යටතට ගැනීමට ඔහු සියලු කටයුතු සූදානම් කරන බවට.
ඒ අනුව කච්චතිව් දූපත අවට ජීවත්වන ලාංකීය දමිළ ජනතාව සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටින බත්තරමුල්ලේ සීලරතන හිමි අද දින ඉන්දීය මහ කොමසාරිස් කාරයාලය හරහා අගමැති නරේන්ද්‍ර සිංහ මෝදි මහතා වෙත උන්වහන්සේ ලිපියක් බාර දී තිබේ.
එහිදී මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්,
"විජයට ශ්‍රී ලංකා මාතෘ භූමිය අතුගාලා දානකන් නින්ද යන්නේ නැහැයිලු.ඌ කසාද බැඳලා තියෙන්නෙත් ලංකාවෙන් අනේ තොට නින්ද යන්නේ නැද්ද?ඉන්දියාවේ සතර වරම් දෙවියො ඉන්නවනේ ඔය දෙවියොත් තමුසගේ ඔලුව පැලෙන්න බෝම්බයක් හරි ගහයි.
තලපති විජය කියන්නේ මොකෙක්ද මොන ගෙම්බෙක්ද? මේකා නළුවෙක් පමණයි.මේ වෙද්දි විජයට විරුද්ධව කිසිම දේශපාලඥයෙක් කතා කරන්නෑ.මුන් රටට ආදරේ නෑ. කෝ මේ විපක්ෂය. මේ තලපති විජය කියන මනුස්සයා කච්චතිව් දූපත ඔහු බලයට පත්වුණහම ගත්තොත් ශ්‍රී ලංකාවේ ජීවත් වන යාපනයේ ජීවත්වන දෙමළ ජනතාවට මොකද වෙන්නේ"
යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙවැනි ක්‍රියාවකට ඉඩ නොදිය යුතු බව තරයේ ප්‍රකාශ කළේය.