ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ඖෂධ මිල අඩුකරන්න බැරී හේතුව මෙන්න...

Sri Lanka Import Medicines
By Piyumika Dec 15, 2024 08:49 AM GMT
Piyumika

Piyumika

Report

ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා වන අධික මිල අඩු කිරීමට හැකියාවක් පවතින නමුත්, ඒ සඳහා මෙරටට ඖෂධ ආනයනය කරනු ලබන සමාගමක් පවරා ඇති නඩුවක් හේතුකරගෙන අධිකරණය විසින් පනවා ඇති තහනම් නියෝගයක් හේතුවෙන් එය වැළකී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත සැලකිලිමත්ව සිටින්නැයි හදිසි දැනුම්දීමක්..

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත සැලකිලිමත්ව සිටින්නැයි හදිසි දැනුම්දීමක්..

ඔහු මේ බව සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු පැවසුවේ ඖෂධ ලියාපදිංචිය, තත්ත්ව පරීක්‍ෂණ සහ ලිපි ගණුදෙනු සඳහා 'ඊ සිස්ටම්' එකක් හඳුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත්, එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි ඉක්මණින් පත් කිරීමට සූදානම් බවයි.

කිසිදු දඩ සහනයක් දෙන්නේ නෑ .. හිඟ බදු නොගෙවන අයට දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්...

කිසිදු දඩ සහනයක් දෙන්නේ නෑ .. හිඟ බදු නොගෙවන අයට දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්...

තවද, ඖෂධ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වනවිට ක්‍රියාත්මක බවත්, වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

You may like this video

ReeCha