වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

Sri Lanka Police Law and Order sri jayewardenepura hospital Latest Headlines Sinhala news
By Ashfa Jun 25, 2025 03:45 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තිදෙනෙකු, ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD හා VP shunt උපකරණ අයථා ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් ජූලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, එම රෝහලේ ප්‍රධාන ලිපිකරුවකු වන කැකුලන්ද ලියනගේ ඉන්දික සහ නිමල් රංජිත් මුතුකුඩ යන අය වෙති. නිමල් රංජිත් මුතුකුඩ යන අය සැකකාර වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි සහකාර අධ්‍යක්ෂක (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, සැකකාර වෛද්‍යවරිය විසින් තෙවැනි පාර්ශ්වයක් හරහා වෙනත් පෞද්ගලික ෆාමසියකින් රුපියල් 50,000ක මුදලකට ගන්නා ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ, ඇයගේ පෞද්ගලික ආයතනය තුළින් රුපියල් 175,000ක මුදලකට රෝගී පාර්ශ්වයන්ට අලෙවි කර තමන්ට පෞද්ගලික වාසියක් ලබාගෙන ඇති බවයි. "ස්වාමීනී, වෛද්‍ය උපකරණ ලබාගැනීමේ නියමිත ක්‍රමවේදයක් තියෙනවා.

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

 

ඒ තමයි අදාළ වෛද්‍යවරුන් විසින් වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරලා තමයි අදාළ ඇස්තමේන්තු රෝහලට ලබා ගන්නේ. නමුත් ස්වාමීනි මෙම නඩුවේ පළමු වන සැකකාරිය වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නැහැ," යැයි ඇය පැවසීය. "ඇය විසින් සිදු කරන්නේ තමාගේ වාට්ටුවට ඇතුළත් වෙන රෝගීන්ට අදාළ වෛද්‍ය උපකරණ දෙක ලබාගන්නේ කියලා තුන්වෙනි සැකකාරය ලිපිකරු වෙත යොමු කරනවා. ඒ අනුව එම ලිපිකරු විසින් දෙවැනි සැකකරුගේ දුරකතන අංකය රෝගී පාර්ශ්වයට ලබා දෙනවා.

මොහුව සම්බන්ධ කරගෙන වෛද්‍ය උපකරණ ලබාගැනීමේ කටයුතු සම්පාදනය කරගන්න කියලා. පසුව දෙවැනි සැකකරු විසින් එමා ෆාමා කියන ආයතනයෙන් රුපියල් පනස් පන්දාහකට ආසන්න මුදලකට අදාළ වෛද්‍ය උපකරණ මිලදීගෙන පළමු සැකකාරියට අයත් එම්.එන්.එන්. මෙඩිකල් ආයතනයට ගෙනල්ලා රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දාසක මුදලකට තමයි රෝගී පාර්ශ්වයට ලබාදෙන්නේ," යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

සහකාර නීති අධ්‍යක්ෂවරියට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් රෝගීන්ගෙන් අනාවරණය වූයේ එක් එක් රෝගියාගේ තරාතිරම බලා අදාළ වෛද්‍ය උපකරණයන්ට මුදල් අය කරගෙන ඇති බවයි. මෙම මුදල් පළමු සැකකාරියගේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම ක්‍රියාව තුළින් සැකකාරිය දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය සහ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය යන වරද සිදු කර ඇත.

වඩාත් සංවේදී හෙළිදරව්වක් වූයේ, සැකකාර වෛද්‍යවරිය විසින් EVD සහ VP SHUNT භාවිත කරමින් brain death වූ රෝගීන් දෙවන ශල්‍යකර්ම හාර්ට් එක මැෂින් එකට යොදවා ශල්‍යකර්ම සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. "ස්වාමීනි, මේ වනවිට රෝගී පාර්ශ්වයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව සමහර වෛද්‍යවරු ප්‍රකාශ ලබා දී තිබෙනවා.

මෙම සැකකාරියගේ වාට්ටුවට ඇතුළත්වෙන සුළු ස්නායු ආබාධ සහිත රෝගීන්ට ශල්‍යකර්මවලට භාජනය කිරීමට අවශ්‍ය නොවුණත් ඔවුන්ව ප්‍රශ්නගත වෛද්‍ය උපකරණ යොදාගෙන ශල්‍යකර්මයට භාජනය කරලා තියෙනවා කියලා. මෙම ශල්‍යකර්ම ඉතාමත් සංවේදීයි, මොකද මොළය මස්තිෂ්කය තරලයේ, රුධිරයේ සැරව ඉවත් කිරීමට වගේ ශල්‍යකර්මවලට තමා මෙම උපකරණය භාවිත කරන්නේ.

ශල්‍යකර්මයට භාජනය වූ රෝගීන් සහ ඥාතීන් පවසලා තියෙනවා. ඒ සම්බන්ධව සමහරක් රෝගීන් මියගොස් තිබෙන බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගීන්ගේ ඥාතීන් අපිට පවසා තිබෙනවා brain death (මැරුණු මොළය) සහිත රෝගීන්ට දෙවැනි ශල්‍යකර්මය කරනවා අදාළ උපකරණ ගෙන්වා ගෙන මැෂින් එකෙන් හාර්ට් එක වැඩ කරන්න සලස්වලා," යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

"ඒ කියන්නේ ස්වාමීනි රෝගියා මැෂින් එකේ තියාගෙන දෙවැනි ශල්‍යකර්මය කරනවා අදාළ වෛද්‍ය උපකරණ යොදාගෙන. අන්තිමට ස්වාමීනි රෝගියාගේ post motian (මරණ පරීක්ෂණයේදී) අනාවරණය වෙනවා, අදාළ රෝගියා මියගිහිල්ලා මේ වනවිට දවස් පහක් කියලා, ඒ වගේම හිස් කබලේ කෑල්ලකුත් අඩුවෙලා කියලා." "ස්වාමීනි මැය හිතාමතාම රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා.

ස්වාමීනි තමන්ට වාසියක් සලසා සලසාගන්න මෙම පළමු වැනි සැකකාරිය රෝගීන්ගේ අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරලා, අද දින මෙම අධිකරණය හමුවට ඇවිත් ඉන්නවා, මියගිය රෝගීන්ගේ ඥාතීන්," යැයි ද සහකාර නීති අධ්‍යක්ෂවරිය අවධාරණය කළාය. අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසුවේ, කොමිෂන් සභාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ වූ බවත්, විමර්ශන දිනය වන විට හදිසි ඇමතුම් ඒකකයට දුරකතන ඇමතුම් 92ක් පමණ ලැබී ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත. මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් ඔවුන්ට ජීවිත තර්ජන තිබෙන බව ප්‍රකාශ කර ඇති අතර, ඒ අතර හිටපු අමාත්‍ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දියණියකගේ පුතකු ද සිටී. සැකකාර වෛද්‍යවරියගේ වාට්ටුව සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කර ඇති අතර, අදාළ දිනය වන විට එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි සියලු රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

එසේම අදාළ වාට්ටුවට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නවතා ඇත. සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් හෙට දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී අදාළ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අදාළ විනය පියවර ගැනීමට කටයුතු කරන බව ද අධිකරණයට දැනුම් දෙන ලදී. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කරමින් කරුණු දැක්වූහ.

පළමු සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසුවේ, පළමු වන සැකකාරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින එකම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය බවත්, මැය නැති වීම හේතුවෙන් රෝගීන් විශාල අපහසුතාවකට පත්ව සිටින බවත්ය. මට දැනගැනීමට ලැබෙන පරිදි මැයව අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු පමණ මියගොස් තිබෙනවා යැයි ඔහු පැවසීය.

"ස්වාමීනී රජයේ රෝහල් තුළ පිටින් ඖෂධ ගැනීම සුවිශේෂි තත්ත්වයක් නොවේ. එය සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්, ජයවර්ධනපුර රෝහලේ ද ඒ ආකාරයේම යම් යම් අවස්ථාවලදී ඒ ඒ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවලදී පිටින් ගෙන්වා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. මෙතනදී සිදුවී ඇත්තේ එයයි.

ඒ අනුව මගේ සේවාදායිකාව කිසිදු ආකාරයක පෞද්ගලික වාසියක් ලබාගෙන නැති බැවින් සුදුසු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා," යැයි නීතීඥවරයා පැවසීය. තුන්වැනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න පැවසුවේ සිය සේවාදායකයා පළමු සැකකාර වෛද්‍යවරියගේ උපදෙස් මත ඔහුට නියමිත රාජකාරිය පමණක් සිදුකර ඇති බවයි.

"ස්වාමීනි, පෙරේදා ප්‍රවෘත්ති විකාශනයකදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ, රෝහල්වල දැනට නොමැති අත්‍යවශ්‍ය ඖෂධ පිටින් ලබාගැනීමට කිසිදු අවහිරතාවක් නැති බව ය. එතකොට මේ ක්‍රියාවලිය නීති විරෝධී ක්‍රියාවලියක් වන්නේ නැහැනේ. රටේ විධායකයේ බලතල තියෙන ඉහළම ඇමැති ධුරයත් දරන ඇමැති කෙනකුයි ඒ කියන්නේ, මගේ සේවා දායකයා කරලා තියෙන්නේ වැටුපට වැඩ කරපු එක පමණයි. අපිට මේ ගැන කිසිම අනුදැනුමක් නැහැ. එම නිසා සුදුසු සැපයක් මත මුදාහරින්න," යැයි ද ඔහු පැවසීය.

අධිකරණයට වාර්තා කළ පරිදි, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිමල් රංජිත් මුතුකුඩ, වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ සේවය කළ අයෙකි. රෝහල සඳහා අවශ්‍ය ඉහත සඳහන් ආයිත්තම රෝහල් සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකර, සැකකාර වෛද්‍යවරිය හා රෝහල් කාර්ය මණ්ඩලය යටතේ අනීතිකව පවත්වාගෙන යන බාහිර ආයතනයක් මඟින් ලබා ගැනීමට උපදෙස් ලබාදී ඇත.

මෙම අනීතික ක්‍රියාව තුළින් රෝගීන්ට කෝටි තුනක පමණ පාඩුවක් මෙන්ම සැකකාර වෛද්‍යවරිය ඇතුළු බාහිර පාර්ශ්වයට අයුතු ලාභයක් ලැබී ඇති බව ද පෙන්වා දුන්නේය. අදාළ ආයිත්තම රෝහල් සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදුව ඇති බවත් ඒ අනුව දූෂණය නම් වරද සිදු කිරීම යටතේ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළහ.

රෝහලට අවශ්‍ය මෙම අයිතම 2022 වසරේදී සැපයුම් අංශය මඟින් රුපියල් 17,500 පමණ වටිනාකමක් වන අතර, වර්තමාන වෙළෙඳපොළේ එහි මිල රුපියල් 46,500ක් වන බව ද පෙන්වාදුන්හ. සැකකාර වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය යොමු කරනු ලබන බාහිර පාර්ශ්ව මඟින් රෝගීන්ට මෙම ආයිතම සඳහා රුපියල් 120,000 සිට රුපියල් 250,000ක් පමණ වටිනාකම් දැරීමට සිදුව ඇත.

එලෙස ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රෝගීන් 77 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරුවන් ලබන ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

ReeCha