ප්‍රමිතියෙන් තොර ලයිටර් හේතුවෙන් ගිනිපෙට්ටි කර්මාන්තය අනතුරේ

Latest Headlines Sinhala news gagana news NPP Government SriLanka News - Gagana
By Shehan Jun 25, 2025 04:33 AM GMT
Shehan

Shehan

Report

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් ආනයනය හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය බරපතළ අනතුරකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. මෙම ලයිටර් අඩු මිලට අලෙවි කිරීම නිසා ගිනිපෙට්ටි අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

1917දී ශ්‍රී ලංකාවට ගිනිකූරු හඳුන්වා දී, 1930 ගණන්වල විධිමත්ව ආරම්භ වූ මෙම කර්මාන්තය, දැනට රු. 20ක ගිනිපෙට්ටියට සාපේක්ෂව රු. 30කට අලෙවි වන ලයිටර් හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙයි. ලයිටර් ආනයනයේදී ප්‍රමිති හෝ නියාමනයක් නොමැති බව සංගමය පෙන්වා දෙයි.

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

මෙම කර්මාන්තයෙන් 15,000කට ඍජු රැකියා අවස්ථා ලැබෙන අතර, තවත් විශාල පිරිසක් වක්‍ර රැකියාවල නිරතය. ලයිටර් තර්ජනයෙන් මෙම රැකියා අවදානමට ලක්වන බව සංගමය අවධාරණය කරයි. වසර 15කට පෙර ගිනිපෙට්ටි කර්මාන්තශාලා 15ක් තිබූ නමුත්, දැන් බොහෝවිට මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ පමණක් ඉතිරිව ඇත.

සංගමය රජයෙන් ඉල්ලා ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ලයිටර් ආනයනය තහනම් කිරීමට හෝ විධිමත්ව බදු හා ප්‍රමිති පරීක්ෂාවන්ට යටත්ව ගෙන්වීමට පියවර ගන්නා ලෙසයි. එසේම, වෙළඳපොළේ ඇති මෙම ලයිටර් පිළිබඳ පාරිභෝගික අධිකාරිය විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද ඔවුහු ඉල්ලති.

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

මීට පෙර මාධ්‍ය හරහා මෙම ගැටලුව ඉස්මතු කළද, තවමත් සාධනීය විසඳුමක් නොලැබුණු බව කර්මාන්තකරුවෝ පවසති.

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

ReeCha