දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team Sinhala news
By Hashini Jun 25, 2025 04:34 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොර වූවා.

මෙම තරගයට දෙපිලම එක්වන්නේ තරගය ජය ගෙන තරගාවලියේ ජය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවයි.

බෝරා සමුළුව අද කොළඹදී

බෝරා සමුළුව අද කොළඹදී

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ආබාධයකට ලක්ව මෙම තරගය අහිමිව ගිය මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ අමතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ද යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර 170 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනුෂට අද ටෙස්ට් වරම් හිමිව බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළා.

දෙරට අතර පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඔහු කැඳවා ඇත.

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

ReeCha