කිසිදු දඩ සහනයක් දෙන්නේ නෑ .. හිඟ බදු නොගෙවන අයට දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්...

Report

2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ලේ කිරි කරලා පෙව්වටද පුතේ උබ මට මෙහෙම කළේ....

ලේ කිරි කරලා පෙව්වටද පුතේ උබ මට මෙහෙම කළේ....

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම් වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවයි.

මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත සැලකිලිමත්ව සිටින්නැයි හදිසි දැනුම්දීමක්..

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත සැලකිලිමත්ව සිටින්නැයි හදිසි දැනුම්දීමක්..

ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය සඳහන් කළේ. එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතයි.

ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා. 

You may like this video