වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත සැලකිලිමත්ව සිටින්නැයි හදිසි දැනුම්දීමක්..
By Piyumika
ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර ඇද හැළෙන අධික වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එක් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද අනෙක් වාන් දොරටු දෙක අඩි තුන බැගින්ද විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මෙයින් තත්ත්පරේට ගණ අඩි 3775ක් කලා ඔයට මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අංගම ජලාශයේ වාන්දොරටු දෙකක් ද විවෘත කර තිබේ.
අඩි එක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු හරහා තත්ත්පරයට ගණ අඩි 600ක් කලා ඔයට මුදා හැරෙනු ඇත.
You may like this video