මෙහෙමත් පුලුවන්ද ? රජයට කෝටි 50 ක පොල්ලක් තියලා

Report

ලංකා පිගන් සංස්ථාව විසින් ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 50කට වැඩි මුදලක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

අපිත් රැවටුනාද - අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

අපිත් රැවටුනාද - අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

වාර්තාව අනුව, 2012 වසර සිට පිගන් සංස්ථාව මගින් ඛනිජ වැලි සමාගමට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 38කට අධික වන අතර, බදු වර්ග හයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 12 ඉක්මවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

එමෙන්ම, බංගදෙණිය කම්හල පිහිටි අක්කර 7ක ඉඩම සහ එහි ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණද, එම ඉඩම කිසිදු ප්‍රයෝජනයකට භාවිත වී නැති බවත්, කම්හලේ වත්කම් දීර්ඝ කාලයක සිට නොභාවිත වී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.

කන්නවත් හාල් නැතිවෙනවද ? ඇමති ලාල් කාන්ත උත්තර දෙයි

කන්නවත් හාල් නැතිවෙනවද ? ඇමති ලාල් කාන්ත උත්තර දෙයි

මෙම තොරතුරු අඩංගු වන්නේ ලංකා පිගන් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට අමුණා තිබූ විගණන ලේඛනයෙනි. එම වාර්තාව පසුගිය ජූනි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.