මෙරට හොල්ලන ප්‍රභලයකුගේ ගෝලයකු අල්ලාගත් මෙහෙයුම..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 12, 2023 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කඳානේ නිවසකට පසුගියඩ්බා වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ආධාර අනුබල දුන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රසික චමෝද් නොහොත් චුටි මල්ලී යන අයගේ සමීපතමයෙකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් වනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 890 සන්තකයේ තබා ගැනීම යන වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර ඇති බවයි වාර්තාවන්නේ.

ReeCha