බඩුත් එක්කම පාතාල ගෝලයෙක් අත්අඩංගුවට
By Kaushi
විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අවිශ්ක හේෂාන් නමැත්තාගේ අනුගාමිකයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වාර්තා කරයි.
ඒ අනුව අඳාළ සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් විද්‍යුත් තරාදියක්, පොලිස් භාරයට ගෙනෙන ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරකට අනුව කළුබෝවිල රෝහල පාරේදීයි. සැකකරු වයස අවුරුදු 28 දෙහිවල කළුබෝවිල ,රෝහල පාර පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.