අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති බව වාර්තා වේ.
ෂෙහාන් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 12ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර තිබෙනවා.
එමෙන්ම ඔහු ඉනිම 10කදී එක්දින ලකුණු 195ක් රැස්කර ඇත. තවද විස්සයි20 ජාත්‍යන්තර ලකුණු 241ක් ඉනිම 16කදී ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව පළමු පෙළ තරග 87කදී, ෂෙහාන් ඉනිම 145කදී ශතක 13ක් සහ අර්ධ ශතක 32ක් රැස්කරගෙන ඇත.