මොහොතකින් වෙනිසියුලාවේ මුළු අගනුවරම දුමකින් වැසී යයි - පිපිරීම් කිහිපයක් සමඟ විදුලිය විසන්ධි වෙයි
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් එරට වේලාවෙන් අද (3) සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් එම ප්‍රදේශය වැසී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම පිපිරීම් සිදුවීම සමඟ නගරයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බව පවසයි.
එමෙන්ම පළමු පිපිරීම ආසන්න ලෙස එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇති බව සඳහන්.