වෙනිසියුලාවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි[UPDATE]

Report

වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එරට වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල විය.

එසේම මෙම ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් බව ද පවසයි.

මොහොතකින් වෙනිසියුලාවේ මුළු අගනුවරම දුමකින් වැසී යයි - පිපිරීම් කිහිපයක් සමඟ විදුලිය විසන්ධි වෙයි

මොහොතකින් වෙනිසියුලාවේ මුළු අගනුවරම දුමකින් වැසී යයි - පිපිරීම් කිහිපයක් සමඟ විදුලිය විසන්ධි වෙයි

එනිසා නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට අඩාල වී ඇත. පිපිරීම්වලින් පසුව නගරයට ඉහළින් ගුවන් යානා පියාසර කරන අයුරු ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර වෙනිසියුලාවේ ඇති වූ ප්‍රහාර හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගෙන ඇත.

මගීන් 51ක් රැගත් 'බුද්ධා එයාර්' යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරක්

මගීන් 51ක් රැගත් 'බුද්ධා එයාර්' යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරක්

සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්