පොල්වලින් සුපිරි ආරංචියක්

Report

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයක් වේ. ඊට අමතරව එහි සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් පිටරට අපනයනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම බව සඳහන්.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

මේ යටතේ දියරමය පොල් කිරි, පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල්, ඇක්ටිවේටඩ් කාර්බන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එසේම මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් වන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇති අතර ඊට දිගුකාලීන පියවරක් වශයෙන් උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කර තිබෙන අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් වශයෙන් අලුතින් පොල් අක්කර 36,000 ක් වගා කිරීමට නියමිත බව සඳහන්.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්

පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්