නව වසරේ අලු‍ත් සහල් මංගල්‍යය අද

Report

2026 නව වසරේ ශ්‍රී දළදා මාලිගාවේ ‍අලු‍ත් සහල් මංගල්‍යය අද (3) දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඒ සඳහා නෙලා ගත් වී අස්වැන්නෙන් සකසා ගන්නා සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත ඉකුත් 30 වන දින අලි - ඇතුන් සහිත සංස්කෘතිකාංගවලින් යුත් පෙරහරින් ඊයේ දින රැගෙන එනු ලැබු බව සඳහන්.

එසේම ඒ සඳහා අවශ්‍ය සහල් මැන, ශ්‍රී දළදා මාලිගාව, නින්දගම්වලට අයත් විහාරස්ථාන, මහනුවර සිව් මහා දේවාල හා පිටිසරබද දේවාලවලට අයත් කොටස් වෙන් කිරීම සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේදී ඉකුත් දා සිදු කෙරුණ බව සඳහන්.

උදා වූ 2026 වසරේ පළමු පොහොය අදයි - දුරුතු පුර පසළොස්වක පොහොය වටින්නේ මේ නිසයි

උදා වූ 2026 වසරේ පළමු පොහොය අදයි - දුරුතු පුර පසළොස්වක පොහොය වටින්නේ මේ නිසයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි