මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය..ආන්දෝලනාත්මක සටහනකින් දේවානිත් මයික් එක අතට ගනී
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය විසින් සේවා උසස් වීම් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා.
ඉකුත් කාලය පුරාම විවිධ පරිසර ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටිමින් ප්‍රසිද්ධියට පත් ඇය මෙවර කියා ඇත්තේ තමන්ට වඩා ජේෂ්ඨත්වයෙන් පහළ නිලධාරීන් පිරිසක් ඉහළ තනතුරුවලට උසස් වීම් ලබා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ඇය දීර්ඝ සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.
එම සටහන පහතින්,
"මෙතරම් කාලයක් කලාප නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජේෂ්ටත්වයට වන අතර එය අනුර කුමාර මහතා ජනාධිපති වීමට ප්‍රථම කල ප්‍රකාශයක් ෂෙයා කිරීම හේතුවෙන් මොහාන් මහතා උතුරු කලාපයෙන් ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වීමෙන් අනතුරුව වෙනස් වන්නේ ඊලග ජේෂ්ටත්වය මා වීම නිසා විය හැකි බව දැන් මට හැඟේ. එතැන් පටන් 2026.01.01 දක්වා කලාප කාර්‍යාල කිහිපක්ම මට වඩා ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යොදවා පාලනය වූයේ වැඩ බැලීමේ පදනම මත හා තමන් තමන්වම අධීක්ෂණය කරමින් පරිපාලන විෂමතා ද සහිතවයි.
සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල
එහි දී විශේෂත්වය වූයේ එකල ද සහකාර වන සංරක්ෂකයකු වූ විශ්‍රාමික විජේපාල මහතාට කලාපයක වැඩ බැලීම ලබා දුන්නේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් මහතාත් , මාත් සිටියදීය. මේ පිළිබඳව ද මා විවිධ අවස්ථාවල විරෝධය පල කල අතර එසේ කිරීම අසාධාරණ බව පෙන්වා දුනිමි. නමුත් පලක් නොවුනි. වැඩ බැලීමේ පදනම අයින් කරන අවස්ථාවේදී අදාල තනතුරු ලබා දේවි යන හැඟීමෙන් මෙවර වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කල අතර එය ලබා නොදුනි. නැවත අභියාචනා යොමු කල අතර එයද ප්‍රතික්ෂේප විය. එහෙත් සියලු දෙනාටම එකවර තනතුරු දේවි යැයි අපේක්ෂාවෙන් සිටියෙමි. 2025.12. 29 දින වන විට ජේෂ්ටත්වයෙන් ඉහලම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දී තිබුණි. විශ්‍රාමික විජේපාල මහතාට තනතුර ලබා දීම නිසා වැරදි පූර්වා දර්ශයක් වූ ජේෂ්ටත්වය නොසැලකීම පෙර සේම විජේරත්න මහතාට ලබා දීම සිදු විය. (ඔහු සහකාර වන සංරක්ෂකයින්ගේත් ජේෂ්ටත්වයෙන් දෙවන තැන සිටී.) පහල 2026.01.01දිනට ජේෂ්ඨ්තා ලේඛන 2 දක්වා ඇත. තනතුරක් හිමි නොමැති අයෙකුට ලබා දුන් තනතුරක් නිසා තනතුරක් හිමි නොමැති තවත් කෙනෙකුට එසේ තනතුරු ලබා දිය හැකි ද? එවිට මට වන අසාධාරණය අසාධාරණයක් නොවේද? අඩුම මා ඉල්ලුම් කල වයඹ බස්නාහිර හා දකුණු සබරගමුව නොව උතුරු කලාපය හෝ ඔහු සුදුස්සකු නොවන බැවින් ලබා දෙන ලෙස පැවසුවෙමි. එයද නැත. මෙය ලිවීමෙන් පලක් නොවේ. අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්තාව කර ගනිමි. ස්තූතියි .
ප. ලි.
යම් අයෙක් අසාධාරණයන්ට ලක්වීම නිසා තනතුරු ලබා දෙන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ මා 2012-2015 , 2016, 2017 වර්ෂවල ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සිටීම, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මානසික පීඩාවන්ට ලක් වීම හේතුවෙන් මෙ වන විට මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය"