මඩකලපුව නොසන්සුන් - හේතුව මෙන්න
By Kaushi
මඩකලපුවේ මූලස්ථාන පොලිස් කොට්ඨාශය බල ප්‍රදේශයේ කල්ලඩි ප්‍රදේශයේ එල්ලී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.
මෙම මළසිරුර මඩකලපුව කල්ලඩි ජීවී පෞද්ගලික රෝහල ඉදිරිපිටදී අද උදෑසන හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.
ඒ අනුව වාණිජ ආයතන රාශියක් පිහිටා ඇති ප්‍රදේශයේ උස් ස්ථානයක තිබියදී එල්ලී මිය ගිය අඳාළ මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සිරුර අක්කරෙයිපත්තු සමෘද්ධි පාරේ පදිංචි 22 හැවිරිදි මුකුන්දන් සන්තෝෂ් නම් තරුණයාගේ බව හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මඩකලපුව මූලස්ථාන පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ කොට්ඨාශය එම ස්ථානයට ගොස් දැඩි පරීක්ෂණ පවත්වා ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයට රැස් වීමෙන් නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබූ බව සඳහන්.