එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් කලාපය වසා දමයි - මැදපෙරදිගම ඇවිලෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දමා ඇත.
ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන තිබේ.
එමෙන්ම මේ වනවිට ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (16) දින 17ක් ගතවී ඇත.
පසුගිය ඉරාන ඊශ්‍රායල යුද්දය දින 12ක් පමණක් පැවති නමුත් දින 17ක් ගත වූවද මෙතෙක් යුද්දයේ අවසානයක් දක්නට නොමැත.