සිව් දෙනෙකුට ජීවිත අහිමි කළ අකුරණ අනතුරට සම්බන්ධ සිමෙන්ති ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට
By Mithu
අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ - මහනුවර ප්රධාන මාර්ගයේ අද (19) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
ඊට අමතරව තවත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා අකුරණ සහ මහනුවර රෝහල් වෙත ඇතුළත් කර ඇත.
ලොරි රථයේ රියදුරුට එය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන අටක සහ මාර්ගයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.