මෙහෙම ගියොත් රටම වලපල්ලට - කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්යාපෘතියෙන් චීනය ඉවත් වෙයි
වරාය අධිකාරියෙන් ඩොලර් මිලියන 21.9ක වන්දියක් කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක් වටිනා දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එහි කොටස්කරුවන් තීරණය කර ඇති බව චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කරයි.
ව්යාපෘතිය කෙරෙහි බලපෑ බාහිර සාධක සහ කාලරාමුවල සිදු වූ වෙනස්කම් සලකා බැලීමේදී එය නතර කර දැමීම සියලු පාර්ශ්වයන්ට සුබදායක වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ව්යාපෘතිය අත්හිටුවීමේ ගිවිසුම අත්සන් කර දින 30ක් ඇතුළත, ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.9ක වන්දි මුදලක් ව්යාපෘති සමාගම (SACL) වෙත එකවර ගෙවිය යුතු වේ.
චීන සමාගමේ අනුබද්ධ ආයතනය යොදවා තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 26ක මූලික ආයෝජනයෙන් නියමිත බදු සහ ප්රමාද ගාස්තු අඩු කිරීමෙන් පසු මෙම ඩොලර් මිලියන 21.9ක මුදල තීරණය කර ඇත.
මෙම ව්යාපෘතියේ 70%ක කොටස් චීන සමාගම සතුව පැවති අතර, මෙරට ඇක්සස් ඉංජිනියරින් සමාගම සහ ශ්රී ලංකා වරාය අධිකාරිය සතුව 15% බැගින් කොටස් හිමිව තිබුණි. ඒ අනුව වරාය අධිකාරිය ගෙවන මෙම වන්දි මුදල කොටස්කරුවන් තිදෙනා අතර බෙදී යාමට නියමිතය.