නිතර අනතුරු ඇඟවූ වෛද්‍ය පද්මා ගුණරත්න ගෙන් විශේෂ ප්‍රකාශයක්

Srilanka padma gunarathna srilana
By Sithumi Oct 05, 2021 01:57 PM GMT
Sithumi

Sithumi

Report

ක්‍රමක්‍රමයෙන් යළි සාමාන්‍ය ජීවිතයට හුරුවීම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ්වලින් ආරක්ෂාවීම සම්බන්ධයෙන් ජනතාව දැන් දැනුවත් වී සිටින බවය. 

 "ක්‍රමක්‍රමයෙන් අපි සාමාන්‍ය ජීවිතයකට යෑම තමයි වැදගත් වෙන්නේ. හිමින් හිමින් පාසල් ඇරඹීමටත් කාලය ඇවිල්ලා. ජනතාව දැන් දැනුවත් ආරක්ෂා වියයුතු ආකාරය ගැන." මේ අතර, ගෙවුණු පැය 24 තුළදී මෙරටදී PCR පරීක්ෂණ 6,479 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2,688 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අද (05) මේ දක්වා තවත් නව කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු වාර්තා වූ බවය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 521,781 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. 

මේ අතර ඊයේ දිනයේදී පළමු සහ දෙවන කොවිඩ් එන්නත් මාත්‍රා පුද්ගලයින් 82,721 දෙනෙකුට ලබාදී තිබුණි.

සංකූලතා සහිත දරුවන් ඇතුළු වයස අවුරුදු 20ට වැඩි පිරිස්වලට එන්නත් ලබාදෙන එන්නත්කරණ වැඩසටහන අදත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකදීම ක්‍රියාත්මක විය. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දහනව ලක්ෂ විසි පන් දහස් පන්සිය හැත්තෑ හතකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now