කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය පද්ම ශාන්ත ජීවිතක්ෂයට

covid19 kandy dr padma shantha galigamuva infected covid
By Sewvandhi Aug 10, 2021 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙදරු පියෙක් වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකි.

සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ අවසන් කටයුතු අද (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි. එම වෛද්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නොයෙකුත් තනතුරු දරමින් සේවය කර තිබේ.

මේ අතර කෑගල්ල මහ රෝහලේ ගැබිනි වාට්ටුවේ හෙදියක් ඇතුළු හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට වාර්තා වේ.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now