රෝහලක ICU ඇඳන් 100ක් සඟවලා.. ඒ කා වෙනුවෙන්ද..?

covid19 Dr.nalin de silva KDU hospita ICU beds
By Sewvandhi Aug 13, 2021 01:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 100 සඟවාගෙන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒවා ඳවාගෙන සිටින්නේ සඟවාගෙන සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි ඔහු ප්‍රශ්න කරයි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

තම නොහැකියාව වසා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඇඟිල්ල දිගු කිරීමට නින්දිත කටයුත්තක් බවත් පවසන ඔහු එන්නත්කරණය සැනකෙලියක් හෝ පුද්ගල ප්‍රවර්ධන වැඩසටහනක් නොවිය යුතු බවත් එය දශක ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය සේවකයන් සාර්ථකව ඉටුකළ ලෝකයේම පැසසුමට ලක් වූ වැඩසටහනක් බවත් කියා සිටී.

මිලිටරිකරණය කෝටත් තෛලය නොවන බව පැහැදිලි බව ද පවසන ඒ මහතා ව්‍යවසනය තම ව්‍යාපාරයට හරවාගත් අතලොස්සක් නිසා අප විඳවමින් සිටින බවද සදහන් කර ඇත.

එමෙන්ම සංකූලතා නොමැති කොවිඩ් රෝගීන් නිවෙස් වල තබා ප්‍රතිකාර කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

එනම් කළුබෝවිල කරාපිටිය, ජාතික රෝහල, IDH රෝහල,රිජ්වේ ආර්යා ළමා රෝහල ආදී රෝහල් රැසක ධාරිතාව මේ වන විටත් ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම මීට පෙර මාධ්‍ය වේදිනියක් කලුබෝවිල රෝහලේ පවතින භයානක තත්ත්වය පිළිබඳව හෙලිදරව්වක් ද සිදු කර ඇත..

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha